Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

පැන්ෂන් ගිය මැති සබේ අය වෙනුවෙන් වාර්ෂිකව ගෙවන්න කෝටි 15ක්

137Views

 

 
 

 

 

 

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 15 කට ආසන්න බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

විශ්‍රාම ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මින් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු පමණ මියගොස් සිටින හෙයින් එම විශ්‍රාම වැටුප් ඔවුන්ගේ බිරින්දෑවරුන්( වැන්දඹුවන්) ලබා ගන්නා බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 15ක් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ස්වාමීන් වහන්සේලා පස් දෙනකුද කලාකරුවන් ලෙස  මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4කි.හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මන්ත්‍රීවරු දෙදෙනෙක්ද විශ්‍රාම වැටුප් ලබන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
 
දේශපාලන, ආගමික සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතකු මෙන්ම සන්නිවේදකයකු වන ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර ඔහුටද විශ්‍රාම වැටුපක් හිමි වන බවයි වාර්තා වෙන්නේ.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් (රුපියල් 54000) තුනෙන් එකකට එනම් රුපියල් 18095ක මුදලට, තවත් රුපියල් 25000ක දීමනාවක් එක්වීමෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප සැකසෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 43095කි. රුපියල් 25000ක දීමනාව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට එක්වූයේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ කාලයේදීය.