නුවරඑළිය නගරයේ සංචාරක ආකර්ශණය වර්ධනය කිරිමේ අරමුණ මත නුවරඑළිය කාර්මික විද්‍යාලය මගින් එම විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද යකඩ අශ්ව අනුරුව ඉදිකර තිබෙනවා.
නුවරඑළිය කාර්මික විද්‍යාලයේ විදුහල්පති අරුණ ගුණසේකර මහතාගේ සංකල්පයක් මත එච්. එම්. පි. හේරත් , ඩබ්ලිව් එස්. දේශප්‍රිය යන මහත්වරුන්ගේ නිර්මාණ දායකත්වයෙන් විද්‍යාලයේ අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ සිසුන්ගේ දායකත්වය මත මෙම නිර්මාණය සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙය එළිදැක්විම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.