Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඉන්දියාවට අද රෑ කෑම වේලාසනින්ම ? ඕස්ට්‍රේලියාවට කඩුලු 10 ක ජයක් !

757Views

 

 
 

 

 

 

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරඟ මාලාවේ දෙවන එක්දින තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුනා.

ඉන්දියාවේ විශාකා පට්නම් හි පැවති මෙම තරඟයේ දී  පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයින් සියලු දෙනාම ලකුණු 117ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය  අතර  වැඩිම ලකුණු ලාභියා වුයේ විරාත් කෝලියි.

ඔහු ලකුණු 31ක් ලබා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ලකුණු 118ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන්  එකඳු කඩුල්ලක් හෝ නොදැවී එම ඉලක්කය පසුකර යෑමට සමත් වුවා.