Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

"මං හර්ස් වල යන්නේ නෑ.ගියොත් යන්නේ උඹලගේ කරේ " දුම්රියට බිලි වූ රවිඳු වෙනුවෙන් බුකියම වැළපෙයි

3583Views

 

 
 

 

 

 

පසුගිය සිකුරාදා සවස දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගය අසල රැඳී සිටිය දී අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් තරුණයෙකු පිළිබඳව වාර්තා වුනා.

 

පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රවිඳු සහන් 25 හැවිරිදි තරුණයෙක්‌ වන අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වෙනවා.

 

 ඔහු පසුගිය සිකුරාදා දුරකථන ඇමතුමක් ලබාගනිමින් දුම්රිය මාර්ගය අසල රැඳී සිටි රවිඳු නොසිතූ නිමේෂයක දුම්රියේ ගැටී තිබුණ අතර විවාහකයෙක් වන රවිඳුගේ අකල් මරණය මේ වනවිට මුළු සමාජ මාධ්‍ය තුළම දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.

 

කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි රවිඳුගේ අවසන් කටයුතු හෙට (20) කොහුවල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

 

රවිඳු වෙනුවෙන් මුහුණුපොතේ මිතුරන් තැබූ සටහන් කිහිපයක් පහතින්,

 

 

"ඉන්න තැනක සතුටින් ඉදපන් වේල්ස් ???? උබට ආදරෙයි බං. ❤️ අමතක වෙන්නෙ නම් නෑ උබව කවදාවත්. ????????????"

 

"අඩෝ හිතාගන්න බැ රවියා..අපිට තවත් සහොදරයේක් වගේ යාලුවේක්. හිටිය .මේවැනි අකල් මරණ කිසිම කෙනෙක් ට සිදුවෙන්න නරකයි. . ඉන්න තැනක උබ හොඳින් ඉන්න ඕන ..???????? නිවන් සුව ලැබේවා.. රවියා"