ලබන සතියේ සිට කෑම පාර්සලයක මිල අඩු කිරීමට සූදානමින් සිටින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා .
එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් සඳහන් කළේ වෙළෙඳපොළ ආහාර ද්‍රව්‍යවල මිල සමීක්ෂණයක් සිදුකොට බත් පාර්සලයක මිල ලබන සතියේ සිට අඩු කිරීමට තීරණය කර ඇති බවයි මේ අතර අද දිනයේ සිට කිරි තේ කෝප්පයක මිලත් රුපියල් 10.00කින් අඩු කිරීමටද එම සංගමය පසුගිය දා තීරණය කර ඇති බවයි ආරංචි වන්නේ