අද උදෑසන තංගල්ල පොලිස් වසමේ නෙතොල්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන බව වාර්තා වනවා.
මෙසේ මියගොස් ඇත්තේ 30 හැවිරිදි ආර්.එම්. දීපිකා නැමති එම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් වශයෙන් සේවය කළ විවාහක කාන්තාවක් ය.
මරණකාරිය පදිංචි ප්‍රදේශයේම සේවය කරන අතර අද නිවසේ සිට ක්ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටිය දී පෙර දින සිදුවු රාජකාරි ගැටලුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනය කර තිබේ.
පොහොර ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ