Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

"එයාර්පෝට් එකේ බෝම්බයක් තියෙනවා" සිසුවෙක් බොරු බෝම්බයක් ගැන පොලිසියට ඔත්තුවක් දීලා

566Views

 

 
 

 

 

 

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට  බෝම්බ තර්ජනයක් එල්ලවී ඇති බවට ව්‍යාජ  දුරකථන ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පාසල් සිසුවා පෙරේදා කටුනායක ගුවන්තොටුපොළේ හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාදී එහි දෙවන පර්යන්තයේ බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇති බවයි වාර්තා වුනේ.

ගුවන් තොටුපොළ බලධාරීන් විසින් එම පර්යන්තය පරීක්‍ෂා කරන විට සිසුවා විනාඩි කිහිපයකින් නැවත කතා කර බෝම්බ තර්ජනයක් නොමැති බවත් එය විහිළුවක් බවත් දන්වා තිබෙනවා.

තම ක්‍රියාවේ බරපතලකම පිලිබඳව දැඩි සේ අවවාද කිරීමෙන් අනතුරුව ඔහු පොලිස් භාරයෙන් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.