Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

"මම හොරකම් කළේවත් බෝම්බ ගැහුවෙවත් නෑ .දැන් මම දන්න යාලුවොන්ගෙන් සල්ලි එකතු කරනවා." මෛත්‍රීපාල පවසයි.

311Views

 

 
 

 

 

 

පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුවට අදාළ වන්දිය ගෙවීමට තමාට ඉතිරිව ඇත්තේ මාස තුනක කාලයක් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

“මගේ පාලන කාලය තුළ මම ලෝකයේ විශ්වාසය දිනාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර මේ රට යහපත් රටක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටියදී පාස්කු ප්‍රහාරය සිදුවී සියල්ල විනාශ කළා.

මට දැන් මිලියන 100ක් ගෙවන්න නියම වෙලා තියෙනවා, මම හොරකම් කළේවත් බෝම්බ ගැහුවෙත් නැහැ. දැන් මම දන්න යාළුවන්ගෙන් සල්ලි එකතු කරනවා. මට ලබා දී ඇති මාස 6ක කාලයෙන් මාස 3ක් ගත වී ඇති බැවින් ඔබට හැකි නම් හැකි තරම් මුදලක් තමන්ට ලබා දෙන්න” යැයිද ඔහු වැඩිදුරටත් එහිදී පවසා සිටියා.