නවසීලන්තය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාව මීට නොබෝ වෙලාවකට පෙර සමත් වුනා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 196 ක් රැස් කළ අතර නවසීලන්තයද තරඟය නිමවන විට කඩුලු 08 ක් දැවී ලකුණු 196ක් ලබා ගැනීමෙන් සම වීම නිසා තරඟය සුපිරි පන්දු වාරයක් දක්වා ක්‍රියාත්මක වූවා.
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු දෙකම දැවී ලකුණු 08 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව එම ඉලක්කය පසු කර යමින් තරඟයේ ජය තමන් සතු කරගත්තා.
සුපිරි පන්දු වාරය ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ක්‍රියාත්මක කළ අතර ඔහු කඩුලු දෙකම දවාගනිමින් නවසීලන්තය ලකුණු 08 කට සීමා කරනු ලැබූවා.
පිතිකරණයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසියා.
චරිත් අසංක එල්ල කල හයේ පහරත් සමගින් ශ්‍රී ලංකාව තරඟය ජයගත්තේ තවත් පන්දු 03 ක් ඉතිරිවී තිබියදීයි.