2021/2022 මූල්‍ය වර්ෂයේ බිස්නස් ටුඩේ ටොප් 40 (Business Today Top 40) ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානය ලබා ගත් NDB බැංකුව සිය ගමන් මගෙහි අද්විතීය සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. 2023 අප්‍රේල් 20 වැනි දින පැවති සම්මාන උළෙලහිදී මෙම සුවිශේෂී සම්මානය NDB බැංකුව වෙත පිරිනමන ලදී. 2020/2021 වර්ෂයේ දී NDB බැංකුවට හිමි වූයේ 21 වැනි ස්ථානය බැවින්, මෙවර ලැබූ ජයග්‍රහණය හරහා 2022 වසරේ දී බැංකුව ලැබූ ප්‍රගතිය ඉස්මතු කරයි.
2022 වර්ෂය තුළ කැපී පෙනෙන මූල්‍ය කාර්යය සාධනයක් ප්‍රදර්ශනය කළ මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන සම්මානයට පාත්‍ර වන වාර්ෂික ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් ලෙස බිස්නස් ටුඩේ ටොප් 40 (Business Today Top 40) ශ්‍රේණිගත කිරීම හැඳින්විය හැකි ය. කොවිඩ්-19 වසංගතය හරහා එල්ල වූ අඛණ්ඩ බලපෑම් හේතුවෙන් හට ගත් දැඩි සමාජ-දේශපාලන හා ආර්ථික අභියෝග හමුවේ 2021/22 මූල්‍ය වර්ෂය තුළ ආයතන කෙරෙහි දැඩි බලපෑම් එල්ල විය. මෙම ශ්‍රේණිගත කිරීම්වලට සහභාගී වූ සමාගම් තමන් ලබා ඇති ප්‍රගතිය සහ ලාභයට අදාළව දැඩි ඇගයීමකට ලක් වූ අතර, එහිදී එම සමාගම් පසුගිය වසර තුළ හට ගත් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ විදහා දැක්වූ නොසැලෙන ඔරොත්තු දීමේ හැකියාව, උද්‍යෝගය සහ කැපවීම පෙන්නුම් කළ හ.
NDB බැංකු නිලධාරින් නොනවත්වා ඇති වූ සමාජ සහ ආර්ථික අභියෝග හමුවේ, ඒ සදහා උචිත උපක්‍රම උපයෝගී කරගනිමින් විධිමත් ක්‍රියාවලීන් හරහා මෙන්ම උසස් ඩිජිටල් තාක්‍ෂණය හරහා ද බැංකුකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ පහසුව විදහා දැක්වී ය. එපමණක් නොව, දිගු කාලීන තිරසාර වර්ධනයක් සාක්ෂාත් කරගැනීමේ හැකියාව පිළිබඳව අවධාරණය කළ NDB බැංකුව, පසුගිය වසර හය තුළ බැංකු ක්ෂේත්‍රය තුළ මුළු වත්කම්, දළ ණය සහ තැන්පතු සම්බන්ධයෙන් ඉහළම වර්ධන අනුපාතයක් අඛණ්ඩව පවත්වා ගෙන ගොස් ඇත.
NBD NEOS හරහා ඩිජිටල් බැංකුකරණයේ අතිශය පහසුබව දේශීයව ගොඩනැගීමට ගන්නා උත්සාහයද NDB හි විශිෂ්ට ජයග්‍රහණයට හේතු වී ඇත. NDB NEOS ඇප් මගින් සිය ගිණුම් විවෘත කිරීමට, මුදල් හුවමාරු කිරීමට, බිල්පත් ගෙවීමට සහ තවත් බොහෝ දේ කිරීමට ගනුදෙනුකරුවන්ට ඉඩ සලසමින් ක්ෂේත්‍රයට පළමු වරට හඳුන්වා දුන් විශේෂාංග රැසක් වැඩිදියුණු කර ඇත. ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ බැංකු සේවා පුළුල් කිරීම අරබයා NDB NEOS හි වේගවත් කිරීම, සහ ගනුදෙනුකරුවන්ගේ ප්‍රයෝගික අවශ්‍යතා අනුව ඩිජිටල් සේවා සැපයීම් පුරෝගාමියා ලෙසද NDB බැංකුව, Business Today ඇගයීමට පාත්‍ර විය.
එපමණක් නොව, අරලිය ගිණුම් මගින් කාන්තාවන් සවිබල ගැන්වීම, ආයතනික තිරසර අංශය විසින් පරිසර සංරක්ෂණය සහ ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම මෙන්ම අනෙකුත් තිරසාර මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉවහල් වන වැඩසටහන් රැසක් සඳහා ද NDB බැංකුව උපායශීලී අයුරින් ආයෝජනය කර ඇත. NDB බැංකුවේ ප්‍රශංසනීය කාර්යය සාධනය සහ අඛණ්ඩ වර්ධනය සඳහා වූ සුවිශේෂී දායකත්වයක් මේ හරහා ලැබී ඇත.
NDB හි සාර්ථකත්වය සඳහා වැඩි වශයෙන් හේතු වී ඇත්තේ එහි ගනුදෙනුකරුවන් සහ පාර්ශ්වකරුවන් විදහා දක්වන නොසැලෙන සහයෝගය සහ විශ්වාසය යි. NDB බැංකුව කෙරෙහි දක්වන මෙම විශ්වාසය ඉහළ පැසසුමකට ලක් වන අතර, සැමට ප්‍රතිලාභ ලැබෙන ආකාරයේ බැංකුකරණයේ නව අත්දැකීමක් පිරිනැමීම සහ උසස් මුල්‍ය සේවාවන් සැපයීමට නිරන්තරයෙන් උත්සාහ කරයි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම වාණිජ්‍ය බැංකුව ලෙස ලැයිස්තුගතව ඇත. ශ්‍රී ලාංකික ප්‍රකාශනයක් වන වාර්ෂික LMD ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වර්ෂයේ දී වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම ලෙස ජයග්‍රාහී දෙවැනි වසර NDB බැංකුව විසින් සනිටුහන් කරන ලදී. මීට අමතරව, 2022 වසරේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් USA (Global Finance USA) සහ යූරෝමනී (Euromoney) විසින් පවත්වන ලද හොඳම බැංකුවලට අදාළ සම්මාන පිරිනැමීමේ වැඩසටහන් අනුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලදී. තවද, ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව නම් කළේ ය. NDB බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගමට අයත් වන වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත. ඩිජිටල් බැංකු සේවා හරහා බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සේවා සහ උපදේශන සේවා හරහා සමස්ත දිවයින සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා NDB බැංකුවේ අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරි දිමන්ත සෙනෙවිරත්න මහතා වෙත බිස්නස් ටුඩේ ටොප් 40 (Business Today TOP 40) සම්මානය පිරිනැමූ අවස්ථාව