හයිඩ්‍රාමනි ඇගළුම් කම්හල් ජාලය මෙරටින් ඉවත් කර ගැනීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
එම සමාගමට අයත් මීපේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇගළුම් කර්මාන්ත ශාලාවක් එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇත්තේ එම ස්ථානයේ බදු කාල සීමාව අවසන් වීම හේතුවෙන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත් එය ඇතැමුන් වැරදි ලෙස වටහා ගෙන ඇති බවත් අදාළ ආයෝජකයා මෙරටින් ඉවත්ව යාමේ තීරණයක් ගෙන නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත කියා සිටියා.