Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඊයේ IPL පිටියේදී ගස් 42,000 ක් ලොවට එකතු වුන හැටි

2788Views

 

 
 

 

 

 

IPL තරඟාවලියේ අවසන් අදියර මේ වන විට ක්‍රියාත්මක වෙනවා.

ඊයේ පැවති තරඟයේදී නිලකුණු (Dot Ball) පන්දුවක් සටහන් කිරීමේදී වෙනදා සලකුණු කරන තිත වෙනුවට ගසක සලකුණක් රූපවාහිනි තිරයේ දිස්වීම පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරන්නට වූවා.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව Play Off අවස්ථාවේදී පවතින තරඟ 04 දි වාර්තා වෙන සෑම නිලකුණු පන්දුවක් වෙනුවෙන්ම ගස් 500 ක් වැවීමට යෝජනා වී ඇති අතර එය සංකේතවත් කිරීම වෙනුවෙන් මෙලෙස සටහන් කොට තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී IPL චෙන්නායි ඉණිමේදි නිලකුණු පන්දු  34 ක් වාර්තා වූ අතර ඒ වෙනුවෙන් පැළ  17,000 ක් සිටුවීමට නියමිතයි.

එමෙන්ම ගුජරාට් කණ්ඩායම ක්‍රීඩා කරන විට වාර්තා වූ නිලකුණු පන්දු 50 වෙනුවෙන්ද අලුතෙන් ගස් 25,000 ක් සිටුවනු ඇති.