Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

දුමින්ද ඇතුළු පහකට මරණ දඬුවම දුන්නේ බහුතර තීන්දුව අනුවයි – සභාපති විනිසුරුගේ තීන්දුවෙන් නිදොස් කොට නිදහස්

1707Views

 

 
 

 

 

 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ නඩුවේ තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කෙරුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කරමින්.

එම නඩුවේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න සියලු සැකකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන් දෙදෙනාගේ තීන්දු එහිදී ප්‍රකාශයට පත් කළේ පද්මිණී එන් රණවක විනිසුරුවරියයි.

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පද්මිණී එන් රණවක විනිසුරුවරිය භාරත ඇතුළු සිවු දෙනෙක් ඝාතනය කිරීම සහ අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් බව ප්‍රකාශ කළා.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව අනුව දුමින්ද සිල්වා,අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ජනක බණ්ඩාර ගලගොඩ ඇතුළු පස් දෙනකුට ඒ අනුව මරණ දඬුවම නියම වුණා.
චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, ඩබ් ඒ මාලක සමීර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි මෙහිදී චෝදනාවලින් නිදොස්කොට නිදහස් කළා.